අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙතෙක් කල් ජනතාවගේ සිතේ තිබූ විවිධ අවිශ්වාස මිත්‍යාවක් බව පසක් කරමින් නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළා

    ජූනි 21, 2022

    මෙතෙක් කල් ජනතාවගේ සිතේ  විවිධ අවිශ්වාස ගොඩ නගමින් තිබූ බවත් එය මිත්‍යාවක් බව පසක් කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ බව 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය

    22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කීය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ , මෙමගින් රටට යහපත් ව්‍යාවස්ථාමය වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙතෙක් කල් ජනතාවගේ සිතේ විවිධ අවිශ්වාස ගොඩ නගමින් තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය මිත්‍යාවක් බව පසක් කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරමින් මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

    මෙම කැබිනට් මාධ්‍ය හමුවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ,19 වන ව්‍යවස්ථාවේ තිබූ අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමි වු බවයි.

    මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවතක් පැවති බවත් බුද්ධිමත් ජනතාවගේ විශාල හඩක් පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊයේ දිනයේදී ඒ සඳහා අනුමැතිය හිමි වූ බවද කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya