අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේ දී

    මැයි 11, 2022

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් හෙට (12) පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

    පාර්ලිමේන්තු නිල ට්විටර් පිටුව ඒ බව නිවේදනය කර ඇත.

    මේ අතර අද (11) පැවැත්වීමට තිබූ පක්ෂ නායක රැස්වීමට සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක සහභාගී නොවීම පිළිබඳව සභානායක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    මාධ්‍ය නිවේදනය

    "අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන්, සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී නොවන බව කථානායක තුමාට දන්වා සිටීමෙන් අනතුරුව එම Zoom සාකච්ඡාවට සහභාගී වී නොමැත.

    එලෙසම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔවුන්ගේ නිවාස හා කාර්යාල වෙත සැලසිය යුතු ප්‍රමාණවත් ආරක්ෂාව කඩිනමින් ලබා දෙන ලෙසත් කථානායක තුමාට දන්වා යවා ඇත."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya