අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු බියක් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න- විභාග කොමසාරිස් ජනරාල්

    ජනවාරි 20, 2022

    2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූදරුවන් කිසිදු බියක් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සෙනසුරාදා පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සුපුරුදු ලෙස ඉරිදා දින නොපැවැත්වෙන බවත් ජනවාරි 22 සෙනසුරාදා පෙ.ව 9.30ට විභාගය ආරම්භ වන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නේ ය.  විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 2,55,062ක්,දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටින අතර සමස්ත සංඛ්‍යාව 3,40,508ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    ඒ අනුව, විභාග  මධ්‍යස්ථාන2943ක් ක්‍රියාත්මක අතර කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya