අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට සාකච්ඡා

    ජනවාරි 13, 2022

    ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම උදෙසා සුහද සාකච්ඡාවක් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ජපානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව විශේෂිත නිපුණතා සහිත රැකියා වැඩසටහන සහ තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

     

    ඒ අනුව විශේෂිත කුසලතා සහිත අයගේ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබඳව ද ජපන් භාෂාව ඉගැන්වීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්චාවට බඳුන් විය.

     

    හෙද සාත්තු සේවා වෘත්තීය සඳහා ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඉල්ලුමක් තිබෙන බවද එම ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් මෙම වසර තුළ සූදානම් කරගැනීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය. එමෙන්ම ආහාර සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ද වැඩි රැකියා අවස්ථා ඇති බවත් කාර්යාංශ වෙබ් අඩවිය, facebook හා zoom තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන බවද ජපන් දූත පිරිස දැනුවත් කෙරිණ.

     

    මෙම අවස්ථාවට ජපානය නියෝජනය කරමින් කත්සුකි කොතරෝ (Katsuki Kotaro - Minister/ Deputy Head of Mission), හොෂිඅයි චිහරු (Hoshiai Chiharu – 1st Secretory), ඉමයි කඔරි (Imai Kaori – 2nd Secretory) යන මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක , අතිරේක සාමන්‍යාධිකාරීවරුන් වන මංගල රන්දෙනිය සහ මාධව දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya