අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝපා කාරක සභාවට

    මාර්තු 23, 2021

    කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව අද (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සළකා බැලේ.

    හෙට (24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ.
    මාර්තු මස 10 වැනි දින අවසන් වරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලේ.
    එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා දින (25) වනජීවි දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා ඇත.
    මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya