අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ විදුලි සම්බන්ධතා සියල්ල නොමිලේ- රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක

    මාර්තු 07, 2021

    සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ විදුලිය දීර්ඝ කිරීමකින් තොරව ලබා දිය හැකි විදුලි සම්බන්ධතා සියල්ල නොමිලේම ලබා දීමට තීන්දු කර තිබෙනවා යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනනසංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි සම්බන්ධතා ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී
    සාකච්ජා කෙරුණු අතර, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයන්හී පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ජාවට බඳුන් විය.

    එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,

    විදුලිය දීර්ඝ කිරීමකින් තොරව ලබා දිය හැකි විදුලි සම්බන්ධතා සියල්ල නොමිලේම ලබා දීමට තීන්දු කර තිබෙනවා, දැනට රුපියල් 15 000 ක් පමණ විදුලි බල මණ්ඩලය විදුලි
    සම්බන්ධතාවයක් ලබා දීමට අය කරනවා,අය කිරීමකින් තොරව විදුලි සම්බන්ධතා ලබා දී ඉදිරි කාළය තුළ විදුලිය දීර්ඝ කිරීම් සිදු කිරීම, නව ට්‍රාන්ස්ෆෝමර් සවි කිරීම් අදියර කීපයකින්
    කඩිනමින් සිදු කරනවා.‍

    සමෘද්ධීලාභීන් සඳහා මේ මාසය තුළ විදුලි දිගු කිරීමකින් තොරව විදුලිය ලබා දීමට ඇති නිවාස සඳහා විදුලිය ලබා දීම සිදු කරනවා,ඒ වගේම සමහර ගම්මාන වල පාරවල් මැද කණු
    තියෙනවා,පාරවල් හැදෙන්න කලින් වතු මැදින් විදුලි කණු හා වයර් ඇදලා තියෙනවා, දැන් පාරවල් හරහා විදුලිය ලබා ගැනීමට යාමේදී විශාල මුදලක් විදුලි බල මණ්ඩලය අය කරනවා කියන
    ගැටලු තියෙනවා.මේ වගේ ගැටලු කඩිනමින් විසඳමු කියන එක තමයි මගේ යෝජනාව.ඒ වගේම සමෘද්ධි පවුල් ලක්ෂයක නිවාස වහළ මත සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන
    තියෙනවා,ට්‍රාන්ස්ෆෝමර් ටික දුන්නට පස්සේ අපි පළමු අදියර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

    විදුලිය හැමතැනම නැති කාලේ, විදුලිය කියන්නේ සල්ලි තිබුණ මිනිස්සුන්ට විතරක් ගන්න පුළුවන් වුණ දෙයක්, දැන් විදුලිය කියන්නේ සාමාන්‍යය දෙයක් ඒ නිසා අනිවාර්යෙන්ම රජයේ
    ප්‍රථිපත්තිය වෙන්නේ දැන් ගේ කොහෙද තියෙන්නේ, ගේ ඉස්සරහා විදුලිය තියෙන්න අවශ්‍යයි කියලා .නිවසේ හිමිකරු විදුලිය පාවිච්චි කරනවාද නැද්ද කියන එක වෙනම දෙයක්, .විදුලිය දැන් සෑම නිවසකටම තියෙනවා කියන එකට අපි වගකියන්න ඔ්න.ඉස්සර විදුලි දීර්ඝ කිරීම් වලදී කියනවා අපි ලක්ෂ එක හමාරයි වියදම් කරන්නේ ඉතුරු ටික ඔයගොල්ල දාන්න කියලා,ඒක
    තවදුරටත් කියන එක සාධාරණ නෑ, ඒ නිසා අපි සැමට විදුලිය කියන ව්‍යාපෘතිය යටතේ අපේ ප්‍රථිපත්තිය වෙන්නේ සෑම නිවසක් ඉදිරිපිටම විදුලිය තියෙනවා කියන එක.ගන්න නොගන්න එක හිමිකරුගේ වැඩක්.මුල්ම අදියරේ අර විදිහට හිටියට දැන් අපිට එහෙම ඉන්න බෑ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    අනතුරුව එම කාර්යාලයේ සිදු කෙරෙන කාර්යන්ද අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    මෙම අවස්ථාවට අනුරාධපුර විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාල නිළධාරීන් හා ප්‍රාදේශීය කාර්යාල ප්‍රධානීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya