මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    73 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

    පෙබරවාරි 01, 2021

    2021 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.


    ඒ අනුව ඉඩ පහසුකම් සහිත පොදු ස්ථානවල හෝ පෞද්ගලික ඉඩම්වල මී පැළ, කොහොඹ පැළ හා කුඹුක් පැළවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් පැළසිටුවීමේ වැඩසටහන දියත් කරන ලෙසත් සෑම ගෙවත්තක් තුළම පළතුරු හෝ ආහාරමය වටිනාකමකින් යුක්ත පැළ හෝ ඖෂධ පැළ සිටුවීම සඳහා යොමුවිය යුතු බවත් එම රාජ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.


    සෑම පොදු ස්ථානයකම, සෑම රාජ්‍ය පරිශ්‍රයකම හා සෑම ගෘහයකම පැළයක් රෝපණය කිරීම 73 වන නිදහස් දින උළෙලේදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් සිටුවනු ලබන පැළය භාරව කටයුතු කිරීමට හා පසු අධීක්ෂණ කටයුතු සඳහා එක් අයෙකු බැගින් පත්කරන ලෙසත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.


    මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා වනජීවි හා වනරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මෙන්ම මේ පිළිබඳ උනන්දුවක් දක්වනු ලබන පෞද්ගලික ආයතන ද සම්බන්ධ කරගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් වෙත දැනුම්දී ඇත.

    මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී කොවිඩ් - 19 පැතිරීම වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරන ලෙසත්, ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත්වන තරුණ, වැඩිහිටි, කාන්තා ළමා සංවිධානවල සහයෝගය ලබාගෙන ගන්නා ලෙසත් අදාළ නිලධාරීන් වෙත තවදුරටත් දැනුම්දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya