අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍යය සඳහා නම් කළ තානාපති සිය රාජකාරි භාර ගනී

    ජනවාරි 18, 2021

    කටාර් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකාවේ නම් කළ තානාපති මෆාස් මොහිදීන් මහතා ජනවාරි 17 වැනි දින කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගත්තේය.

    මෆාස් මොහිදීන් මහතා ගේ රාජකාරි භාර ගැනීම වෙනුවෙන් ආගමික චාරිත්‍ර ද ඇතුළත් චාම් උත්සවයක් පවත්වන ලදී. මෙහිදී, මෙතුමාගේ ධූර කාලය සාර්ථක වන්නට ආශීර්වාද පැතීම සඳහා බහු ආගමික නියෝජිතවරු සිය ආගමික වතාවත් සිදු කළහ.

    නම් කළ තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා  තානාපති කාර්යාලයීය කාර්යය මණ්ඩලය අමතමින්, ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස, ජාතික වශයෙන් වැදගත් වන කරුණු සහ ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමෙහි ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. එතුමා දෙරට අතර සංචාරක කටයුතු, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කි රීම ඇතුළුව, සිය ඉලක්ක පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීය.

    කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් වීමට පෙරාතුව එතුමා ලන්ඩන් හි ඉක්ලිප්ස් කැපිටල් පාට්නර්ස් සමාගමේ තාක්ෂණික හා මෙහෙයුම් ප්‍රධානී තනතුර සහ ලන්ඩන් හි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් දැරීය.

    නම් කළ තානාපති මොහිදීන් මහතා ලන්ඩන් හි ඉම්පීරියල් කොලේජ් ආයතනයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. මෆාස් මොහිදීන් මහතා කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya