අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්මුණේ අධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නියෝග

    නොවැම්බර් 26, 2020

    නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු සඳහා කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර තීරණය කළාය.

    ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ. මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ලතාහරන් මහතාට නියෝග කළාය.

    ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස්වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    ජනතාව සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැඳ මෙම වෛරසය පාලනය කිරීම සදහා හැකි උපරිම සහයක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya