අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය වැඩ අරඹයි

    ඔක්තෝබර් 17, 2020

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනයක්’ ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    මෙම ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනයේ සම්පත්දායකයෝ ලෙස ඌව-වෙල්ලලස්ස විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ඔරේන්ජ් ආයතනය හා ඇරිමැක් ආයතනය එක්ව සිටිති.

    එසේම පසුගිය ආණ්ඩු සමයේ අසාර්ථක වූ පාසල්වලට රොබෝ තාක්ෂණය හඳුන්වා දීමේ ව්‍යාපෘතිය, එහි අඩුපාඩු හඳුනා ගනිමින් සාර්ථක ලෙස නියමු පාසල් තුළ දියත් කිරීමට ද රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය කටයුතු යෙදා ඇත.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන ඉහත කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට (15) දින කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේදී ඉහත කරුණු අනාවරණය විය.

    මෙම සාකච්ඡාවට ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ චන්දන විදානපතිරණ, ඔරේන්ජ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාන් කොඩිතුවක්කු ඇතුළු රොබෝ තාක්ෂණ විශේෂඥයෝ පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya