අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි

    සැප්තැම්බර් 22, 2020

    දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට එම අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඊයේ (21) පිරිනමනු ලැබීය.

    2018 වසරේ දී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දේශීය වෙළඳපොළෙහි පවතින ළමා ඇඳුම්වලින් 70%කට අධික ප්‍රමාණයක් නිසි ප්‍රමිතියකින් තොර බවය.

    දේශීය වෙළඳපොළෙහි පවතින ආනයනික සහ දේශීය වශයෙන් නිෂ්පාදිත ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ විෂය පථයට අදාළ බැවින් එසේ නියාමනය කොට සෞඛ්‍යාරක්ෂිතව ළමා ඇඳුම් වෙළඳපොළට නිකුත් කරන ඇඟළුම් ආයතන සඳහා සහතිකයක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් එම ආයතනය ආරම්භ කරන ලදී. 2019 දෙසැම්බර් 27 දින අරඹන ලද එම ව්‍යාපෘතිය යටතේ පළමුවන සහතිකලාභී ආයතනය ලෙස කොට්ටාව දුන්හිඳ ගාමන්ට්ස් ආයතනය තේරී පත්ව තිබේ.

    එම ආයතනයට හිමි ‘ළමා ඇඳුම්හි සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ සහතිකය’ එහි සම කළමනාකාර අධ්‍යක්ෂවරු වන එම්. ඩී. දුලාන් දර්ශන, එම්. බී. ඥානපාල යන මහත්වරුන් වෙත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පිරිනමනු ලැබීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතා ඇතුළු ආයතනයේ නිලධාරීහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya