අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු පිළිබඳව ජනපති ප්‍රසාදය

    සැප්තැම්බර් 19, 2020

    “සෞභාග්‍යයේ දැක්මේ” බලාපොරොත්තු වන පරිදිම සේවාව අවැසි ජනතාව අසලටම ගොස් සෞඛ්‍ය සේවා ලබාදීමේ ක්‍රමය විශිෂ්ටයි. තව දුරටත් රටපුරා එම ජනතාවාදී සේවා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්න “

    - ජනාධිපතිතුමන්ගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ..

    කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ප්‍රදානය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්.මුණසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විශේෂ සාකච්ජාවක නිරතවිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සහ මෙරට නිවාරණ හා ප්‍රතිකාර යන දෙඅංශයේම සෞඛ්‍ය සේවා පිළිබදව එහිදී සාකච්ජා විය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු පිළිබඳව එහි අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගෙන් දීර්ඝව කරුණු විමසූ ජනපති ප්‍රකාශ කලේ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය හා මැනවින් ගැළපෙන බවයි.

    සේවාව අවශ්‍ය ජනතාව සොයා ඔවුන් වෙතටම ගොස් සේවය සැලසීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සමග ගොඩනැගෙන ප්‍රතිකාර හා නිවාරණ සෞඛ්‍ය සේවා පද්ධතිය සක්‍රීයව ක්‍රියාත්මක වීම ජනපතිගේ නොමද පැසසුමට ලක්විය.ව්‍යාපෘතියේ කටයුතු හා ප්‍රගතිය අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන වන පද්ධතියක් මගින් වරින් වර ජනපතිගේ සමීප අධීක්ෂණයට ලක් කළ හැකි වන ක්‍රමයක් නුදුරු දිනකදී සකස් කෙරෙන බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya