අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තොම්බර් දෙවන සතියේදී පාර්ලිමේන්තුවට

    සැප්තැම්බර් 17, 2020

    2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

    මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(17) දිනයේ යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

     සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කර ගැනීම, අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශයන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කර ගැනීම , සැමට පානීය ජලය ලබා දීම, මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් 100,000ක මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාර්මාර්ග යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතා ලබා දීම, රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් යෙදවීම, රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම, සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වන පරිදි සරල ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීම ආදී කරුණු පිළිබඳව අයවැය පිළියෙල කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya