අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කර්මාන්තයේ පුනර්ජිවනය වෙනුවෙන් නව තේ පැළ රෝපණය කිරීමට සැලසුම්

    ජූනි 04, 2020

    තේ කර්මාන්තයේ පුනර්ජිවනය වෙනුවෙන් නව තේ පැළ රෝපණය කිරීමටත්, එමඟින් මෙරට තේ නිෂ්පාදන ධාරිතාවය අවම වශයෙන් කිලෝ මිලියන 350 දක්වා වැඩි කිරීමටත් අරමුණ වන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    ඒ අනුව, කුඩා තේ වතු හිමියන් අතර විශාල උනන්දුවක්, විශාල ප්‍රබෝධයක් ඇති වී තිබෙන අතර ඔවුන්ට පහසුකම් සැලසීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන යටතේ තේ පැළ ලබා දීම සඳහා වැවිලි කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතිපත්ති ලෙස ආණ්ඩුව පිළිගත්ත ද මෙම පවත්නා අවස්ථා වේ දී ඒ සදහා ප්‍රතිපාදන වෙන් කිරීමට ගැටළුවක් ඇති බව සඳහන් කරන ලදුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ප්‍රාග්ධන වියදම් සඳහා ලබා දෙන අරමුදල් වලින් අදාළ තේ පැළ ලබා දීම සඳහා ප්‍රතිපාදන කළමනාකරණය කරගන්නා ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දී ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහි දී කියා සිටියේය.

    පසුගිය වසර දෙසැම්බර් සිට පැවති අධික නියං කාළගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ තේ පැළ මිලියන 06 කට වඩා අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව ද, ඉදිරි කාලය තුළ මෙම තේ වගාවේ නිරත වන්නන්ට විනාශ වූ තේ පැළ සඳහා අලුතින් තේ පැළ ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා විසින් සදහන් කළේය.


    එහෙත් මෙරට වසර 137 ක තේ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ තේ දළු වලට ලැබෙන ඉහළම මිල පසුගිය මැයි මාස යේ දී වාර්තා වූ අතර තේ කර්මාන්තයේ පුනරුදය, පසුගිය වසර දෙකක කාලය තුළ එනම් 2018 සහ 2019 වසර තුළ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300-303 ත් අතර ප්‍රමාණයක ස්ථාවරව පවතී.


    එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියන් 490,000 ක් පමණ ජිවත් වේ. පසුගිය කාලයේ දී ඇති වූ අවපිඩන තත්ත්වය හේතුවෙන් ද අසරණ වූ සහ ජිවනෝපාය සරි කරගැනීමට නොහැකි වූ කුඩා තේ වතු හිමියන්ගේ පවුල් 90,000 ක් වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු ව ක්‍රියාත්මක වන සහන සැළසීමේ

    කාර්යය සාධක බළකායේ මැදිහත්වීමෙන් ද ඔවුන්ට සහන සැලසීමට කටයුතු කළ බව ත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය. ඒ අනුව මෙරට තේ කර්මාන්තයේ පුනරුදය වෙනුවෙන්ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya