අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීමට පියවර

    මැයි 23, 2020

    රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ( 21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


    ඒ අනුව ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අතිශයින්ම වැදගත් වන ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර, මෙම ක්ෂේත්‍රයන්හි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භූමි හඳුනා ගැනීම සම්බන්ධයෙන් මෙහි දී වැඩි අවධානය යොමු විය.


    මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10,000ට අඩු පවුල් දෙලක්ෂ පනස්පන්දාහස් හත්සිය තිස් එකක් (255731) වන අතර, රුපියල් 10,000 ත් 20,000ත් අතර ගෘහස්ථ ආදායමක් ලබන පවුල් පන්ලක්ෂ හැට අටදහස් හත්සිය පහලොවක් (568715) පමණ වෙයි.


    ඒ අනුව මෙරට පවුල් දස ලක්ෂයක පමණ ප්‍රමාණයක ගෘහස්ථ ආදායම වැඩි කරගැනීම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය වන බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේ මෙරට කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් සංවර්ධනය සඳහා යෙදවිය හැකි භූමි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙසයි. එසේම මෙම සාකච්ඡාවේ දී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කෙරුණි,

     බාහිර බලපෑමකින් තොරව මෙරට ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම, දරිද්‍රතාවය තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම.
     අප රටේ ඇති ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් වගා කිරීම සඳහා ඇති ඉඩම් හඳුනා ගැනීම.
     භූමියේ ස්වභාවය හා නිෂ්පාදන අවශ්‍යතාව මත වගා කළ හැකි බෝග හඳුනාගැනීම.
     ඒ ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම.
     ගෙවතු වගාව පුළුල් කිරීම මඟින් ගෘහස්ථ පරිභෝජනයට අමතරව දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන ලබා ගැනීම.
     අවිධිමත් ලෙස විවිධ ආයතන වෙත පවරා ඇති ඉඩම් විධිමත් කර ඒවා නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම.
     ධීවර කර්මාන්තය සඳහා ඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීම.

    මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරාධ විජේකෝන් මහතා, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ආර්.ඒ.ඒ.කේ රණවක මහතා, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ඒ.කේ.එස් පෙරේරා මහතා, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි රත්නායක මහත්මිය, ශ්‍රී ලංකා යුදහමුදාවේ බ්‍රිගේඩියර් අයි. කඳනාරච්චි මහතා, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වීරකෝන් මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අශෝකා ඉලංගමගේ මහත්මිය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය එම්.පී.එස් මාගමගේ මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා, පශු සම්පත් සැලසුම් සහ ආර්ථික අංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.පී සිල්වා මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා, පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya