අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදිරි නීතිය කඩ කළ 41,700 ක් අත්අඩංගුවට- කොවිඩ්19 වසංගතය දුරු කිරිම කිරිමට සැබවින් ම කැපවී සිටින ජනතාවගේ සහාය අවශ්‍යයි

    මැයි 01, 2020

    නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දිනයේ සිට (29) දක්වා කාලය තුළ පුද්ගලයින් 41,700 ක් පමණ අත්අඩංගුවට ගෙන  තිබෙන බවත් කොවිඩ්19 වසංගතය දුරු කිරිම කිරිමට සැබවින් ම කැපවී සිටින ජනතාවගේ සහාය අවශ්‍ය බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එමෙන්ම (29) දින උදෑසන 6 .00 යේ සිට දහවල් 12.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කයේ තුළ පුද්ගලයින් 92ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්,වාහන 22ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. (29) දින උදෑසන 6න් අවසන් වු පැය 24 කාලය තුළ ශ්‍රි ලංකාවේ ම පුද්ගලයින් 554 ක් හා වාහන 159 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

    ඇදිරි නීතිය පිළිබඳව කටයුතු කිරිමේ දී අත්අඩංගුවට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන්නේ ප්‍ර⁣දේශ බොහෝමයක ඇදිරි නීතිය දහවල් කාලයේ දී ක්‍රියාත්මක නොවන නිසාවෙනි. නිරන්තරයෙන්  මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බව අජිත් රෝහණ මහතා පැවසීය. ආයතන වල නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බල පත්‍ර කාලය මැයි 31දක්වා දීර්ඝ කරනු ලබන  බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    යම් කිසි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයක් නම් එම සේවා සැපයීමට හෝ නිෂ්පාදනය සඳහා එම බල පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නොවේ. එම බලපත්‍රය මැයි 31දක්වා භාවිත කළ හැකිය.  සාමාන්‍ය අයට මෙය ලබා ගැනීමට අවශ්‍ය වෙයි. දැනට අත්‍යාවශ්‍ය සේවාවන් සදහා පොලිස් මුලස්ථානය හෝ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු,පොලිස් අධිකාරිවරු,පොලිස් ස්ථානවලින්  නිකුත් කර තිබෙන ඇදිරි නීති බලපත්‍රය මැයි 31 දක්වා වලංගු වෙයි.

    ඇදිරි නීති කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර 25000 පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් නීති වීරෝධී මත්පැන් පෙරීම,විකිණීම හා නිෂ්පාදනය සම්බන්ධයෙනි.පුද්ගලයින් 9200ක්  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව ඇදිරි නිතිය පැනවු දා සිට මේ දක්වා කාලය තුළ 41700 අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර 35000කට ආසන්න ප්‍රමාණයක්  නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් වේ.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්නශයන් සිදු වේ.ඇදිරිනීතිය කඩ කළ පුද්ගලයිනට අමතරව මෙවැනි ජාවාරම් වල⁣ට මෙන් ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු කරන යෙදී සිටින පුද්ගලයින්  සම්බනධයෙන් අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව කීය.

    විශේෂයෙන් කොළඹ නගරයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල යම් ආකාරයට පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරිමට සිදු විය. කොයිඩ්-19 බවට සැක කෙරෙන පුද්ගලයින් රෝගීන් ලෙසින් හමු විය.  මත්කුඩු හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පිරිස මෙහි ප්‍රධාන කාරකයන් වේ. ඒ නිසා විශේෂයෙන් ඉල්ලා සිටිනවා,කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු නිවාස ආශ්‍රිත  ජීවත්වන සාමකාමී නීතියට ගරු කරන මෙම වසංගතය දුරු කිරිම කිරිම සැබවින් ම කැපවි ඉන්න ජනතාවගෙන් ඒ සදහා සහාය දෙන ලෙස.විශේෂයෙන් මත් කුඩු ලෝලීන්,මත්ද්‍රව්‍ය ගන්නා අය  ගංජා වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටින අය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස.ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස යැයි අජිත් රෝහණ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya