අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ සඳහා භූගෝලීය දර්ශකයක් සහිත ප්‍රමිතිකරණයක් හඳුන්වා දීමට පියවර- අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    ජනවාරි 11, 2020

    ශ්‍රී ලංකාවේ තේ වෙනත් රටවල තේ සමඟ මිශ්‍රකර ප්‍රමිතිය බාල කර ජාත්‍යන්තර වෙළඳපොලේ විකිණීම වැළැක්වීම සඳහා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමඟ එක්ව භූගෝලීය දර්ශකයක් සහිත ප්‍රමිතිකරණයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සිලෝන් තේ නාමය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරන බවත්, එමගින් සිලෝන් තේ නාමය අවභාවිතා කිරීම ඉදිරියේදී වැළකෙනු ඇති බවත්ය.


    එමෙන්ම තේ වගාවේදී යොදාගන්නා කෘෂි රසායනයක් වන ග්ලයිෆොසේට් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ, මේ වන විට ග්ලයිෆොසේට් නැවත  භාවිතයට ගැනුණද එම රසායනය 2021 වන විට භාවිතයට ගැනීම ලෝකය තුළ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නියමිත බවත්, එම රසායනය වෙනුවට මෙරට තේ වගාවට යොදාගත හැකි විකල්ප තේ පර්යේෂණ ආයතනය විසින් අත්හදා බලන බවත්, ඉදිරියේදී එම විකල්ප ග්ලයිෆොසේට් වෙනුවට යොදාගනු ඇති බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya