අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ අපනයන ආදායම වැඩි කරගත යුතුයි- ජනතවට ප්‍රතිලාභ ලැබේ යැයි විශ්වාස කරනවා- පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්

    ජනවාරි 08, 2020

    ශ්‍රී ලංකාව තුළ අපනයන ආදායම වැඩි කරගත යුතුයි. එය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය තුළ ක්‍රියාත්මක විය යුතුයි.නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ජනතවට ප්‍රතිලාභ ලැබේ  යැයි විශ්වාස කරනවා යැයි දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ජනතවට ප්‍රතිලාභ ලැබෙයි කියා සිතනවා.තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ජනතාවට සහන ලැබෙයි කියා  විශ්වාස කරනවා.ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට මේ ආර්ථිකය නඟා සිටුවීම ඉතා වැදගත් දෙයක්.රටට විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා.ආදායම ප්‍රමාණවත් නෑ ණය ගෙවීමට.  විශාල වශයෙන් දේශීය හා විදේශීය ආයෝජන අවශ්‍යයි. අපනයනය මුල් කරගත් නිෂ්පාදන අවශ්‍යයි.මුළු රටම මුහුණ පා තිබෙන ගැටලු සමඟිව විසඳාගත යුතුයි. නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුයි.එකමුතුව කටයුතු කර වැරදි අඩුපාඩු සකස් කර ගත යුතුයි.හැම දේටම වඩා වටින්නේ රටයි. අනාගතය රඳා පවතින්නේ රටේ දියුණුව මතයි. අපි ඒ සහයෝගය ලබාදීමට සූදානම්. යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya