අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන පොකුරු ගම්මාන දීප ව්‍යාප්ත වැඩසටහන ඇරඹේ

    ජනවාරි 05, 2020

    මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනෙහි සමාරම්භය බුත්තල, වඟුරුවෙල වැවේයායේ දී සුබ මොහොතින් පසුගිය දින ආරම්භ කරන ලදී.

    මෙම වැඩසටහන යටතේ වැල් දොඩම් වගා කරනු ලබන ගොවීන් 100දෙනෙකු සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතය. ඒ යටතේ එක් වැල්දොඩම් වගා කරන ගොවි මහතෙකු සඳහා වතුර පොම්පයක්, විසිරි ජලපද්ධතියක්, වගාවට අවශ්‍ය කණු, කම්බි සහ ඵලදාව ඇසිරීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් ඇසුරුම් ලබා දීමට නියමිත. මේ සඳහා එක් ගොවියෙකුට ලක්ෂ 06 බැඟින් මුළු ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 75ක් වැය කිරීමට අපේක්ෂිතය.

    තවද, මැදගම, බැදියාව ප්‍රදේශයේ අන්නාසි වගා කරන ගොවීන් 200න් පලමු අදියර යටතේ ගොවීන් 50 දෙනෙකු සහ දෙවන අදියර යටතේ ගොවීන් 150ක් වෙනුවෙන් වගාවට අවශ්‍ය උපකරණ යනාදිය ලබා දීම සඳහා ප්‍රතිපාදන ලබා දීමට ද නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 63ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

    මෙම අවස්ථාවට හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එන්. බී. හපුහින්න මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී පිරිසක් සහභාගී විය.

    මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනෙහි සමාරම්භය බුත්තල, වඟුරුවෙල වැවේයායේ දී සුබ මොහොතින් පසුගිය දින ආරම්භ කරන ලදී.

    මෙම වැඩසටහන යටතේ වැල් දොඩම් වගා කරනු ලබන ගොවීන් 100දෙනෙකු සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතය. ඒ යටතේ එක් වැල්දොඩම් වගා කරන ගොවි මහතෙකු සඳහා වතුර පොම්පයක්, විසිරි ජල පද්ධතියක්, වගාවට අවශ්‍ය කණු, කම්බි සහ ඵලදාව ඇසිරීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් ඇසුරුම් ලබා දීමට නියමිත. මේ සඳහා එක් ගොවියෙකුට ලක්ෂ 06 බැඟින් මුළු ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 75ක් වැය කිරීමට අපේක්ෂිතය.

    තවද, මැදගම, බැදියාව ප්‍රදේශයේ අන්නාසි වගා කරන ගොවීන් 200න් පලමු අදියර යටතේ ගොවීන් 50 දෙනෙකු සහ දෙවන අදියර යටතේ ගොවීන් 150ක් වෙනුවෙන් වගාවට අවශ්‍ය උපකරණ යනාදිය ලබා දීම සඳහා ප්‍රතිපාදන ලබා දීමට ද නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 63ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

    මෙම අවස්ථාවට හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එන්. බී. හපුහින්න මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya