අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි

    ජනවාරි 03, 2020

    අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද (03) සිදු කෙරෙන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට සැපත් විය. කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

    පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ වෙයි. එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු  විය අනතුරුව කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ පැමිණීමෙන් පසු,
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය. එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනිණ.

    ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඒ සමගම සිදුවේ. පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී අතිගරු ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කෙරේ.

    අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන සිදු කෙරේ.එහිදී නියෝජ්‍ය වේත්‍රධාරි ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරිවරයා අනතුරුව ගමන් කරයි.අතිගරු ජනාධිපතිතුමා ගමන් කරන්නේ ඉන් අනතුරුවය.  කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසු පසින් ගමන් කරති. ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya