අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික අර්බුද මැඬපැවැත්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ සඳහා එළැඹිය යුතුයි - ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර

    ජනවාරි 03, 2020

    දිනෙන් දින වර්ධනය වෙන පාරිසරික බලපෑම මැඬපැවැත්වීම සඳහා ප්‍රතිපත්ති හා තීරණ සකස් කිරීමේ දී පරිසර අමාත්‍යංශය හා සමඟ නිරන්තර ව එකතු වී සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය කියා සිටී.

    ඉනෝකා සුරවීර මහත්මිය, මේ පිළිබඳව කියා සිටියේ මෙම දිනවල පවතින කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පවතින වායුගෝලීය තත්ත්වය නිසා උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදු කළ විමසුමක දී ය.

    ඒ අනුව, පාරිසරික බලපෑම් මත උද්ගත වන සෞඛ්‍ය ගැටළු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී ක්‍රියාකාරීව තම දායකත්වය ලබා දීමට පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන බවත් කියා සිටියාය.


    එමෙන්ම, මේ දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට බලපවත්වා ඇති අහිතකර වායුගෝලීය තත්ත්වය හේතුවෙන් විවිධ ස්වසන අබාධ, හතිය, ආසාත්මිකතාවයන්, කැස්ස, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවත්, මේ සඳහා කුඩා ළමුන්, ගර්භණි කාන්තාවන්, හෘද රෝගීන්, පෙනහළු අබාධ සහිත පුද්ගලයින් වැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතු බවත්, විශේෂයෙන් කුඩා ළමුන් පිළිබඳව නිරන්තර අවදානය යොමුවිය යුතු බවත් කියා සිටී.

    කෙටි කාලීන සිදුවීම් වලට වඩා දීර්ඝ කාලීනව සිදු වන පාරිසරික හේතූන් මත සිදු වන බලපෑම ඉතා භයානක තත්ත්වයක් බව අවධාරණය කරන වෛද්‍ය ඉනෝකා පිරිස් මහත්මිය පවසා සිටියේ වායුගෝලීය දූවිලි අංශු ඉහළ මඟින් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා වැඩි බවයි. අංශාභය, හෘදයාබාධ, පෙනහළු පිළිකා වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීම සිදු විය හැකි බව පැවසූ එම මහත්මිය කුඩා දරුවන් ඊට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව පැවසීය.

    වඩා නිරෝගිමත් දේශයක් උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිම වන්නේ මෙම පාරිසරික බලපෑම් මැඩපැවැත්වීම සඳහා මිනිසුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමට කටයුතු කිරීමයි. එමඟින් මිනිසුන්ගේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම මෙලෙස දැනුවත් කිරීම් හා සවිබල ගැන්වීමේ අරමුණ වී පවතී.

    එහෙත් දිනෙන් දින වර්ධනය වන වායුගෝලීය අහිතකර තත්ත්වයන් සඳහා හේතුවන්නේ කෙටි කාලින සිදු වීම් වලට වඩා දීර්ඝ කාලීන හේතූන් බවත් කියා සිටී ඉනෝකා සුරවීර මහත්මිය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල නිරන්තරයෙන් පවතින අධික වාහන තදබදය, පොළිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීම ගෘහස්තව හා ඊට පරිබාහිරවත් දීර්ඝ කාලීනව සිදු කිරීම වැනි හේතූන් වායුගෝලය දූෂණය සඳහා හේතු වන බවත් ගිනිකෙළි ආදිය එකවර බොහොපිරිසක් විසින් දැල්වීම මඟින් එම තත්ත්වය තවදුරටත් ඉහළ යන බවත් මෙහි දී අවධාරණය කරන ලදී.

    එම හේතුව නිසාවෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රෝහල් කාර්යමණ්ඩලයන් හා එක්ව රෝහල් පොලීසිය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ආදී විවිධ ක්‍ෂේත්‍ර එක්ව පසුගිය වසර තුළ දී දිස්ත්‍රික්ක 15 ක විවිධ ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු සහ මාධ්‍ය සාකච්ඡා ගණනාවක්ම සිදු කරන ලදී. ඉතිරි දිස්ත්‍රික්ක සඳහා මෙම වසරේ දී ද එලෙස ජනතාව දැනුවත් කිරීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරන ලදී.


    මෙවැනි පාරිසරික අර්බුදය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ සඳහා එළැඹිය යුතු බවත්, වායුගෝලීය කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ද ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත්, විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ගන්නා පාරිසරික නියෝගයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අවශ්‍ය විශේෂඥ සහායන් නිසියාකාරයෙන් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya