අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපතිට රට සංවර්ධනය කිරීමට ශක්තිය හා සහයෝගය ලබා දිය යුතුයි- හිටපු ජනපති

    දෙසැම්බර් 12, 2019

    නව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමට අවශ්‍ය සහාය හා ශක්තිය ලබා දිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.මෙම හමුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

    එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, නව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්,සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආන්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කළ යුතු බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya