අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපත්ති ප්‍රකාශය පොරොන්දු මාලාවක් නොවේ- ලබන සතිය වනවිට සංවර්ධනයේ නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතයි

    නොවැම්බර් 30, 2019

    ප්‍රතිපත්ති ප්‍රකාශය පොරොන්දු මාලාවක් නොවන බවත් ලබන සතිය වනවිට සංවර්ධනයේ නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සියධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ජනමධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

    එහිදී අඳහස් දැක්වූ රාජ්‍ය අමත්‍යවරයා,

    ලබන සතිය වනවිට සංවර්ධනයේ නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතයි.ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ වසර එක හමාරකට කලින්. ගම සමඟ පිළිසඳරක් වැඩසටහනෙන් අඳහස් ගත්ත, විවිධ විද්වතුන්ගෙන් අඳහස් ගත්තා.වියත් මඟ මඟින් කරුණු එකතු කරලා, ප්‍රතිපත්ති කමිටුවක් හැදුවා.

    වැට් එක අඩු වුණාම එය සෑම අංශයකට ම යන්න ඕන. වියදම් අඩු වෙන්න ඕන. සමාජයට ජනතාවට දැනෙන්න ඕන. ආදායම අඩුවෙලා කොහොමද ගෙනි යන්නේ කියලා අහනවා. කාරණා දෙකකින් ආදායම වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් අපනයන ආදායම වැඩි කරන්න ඕන. අපනයන ආදායම වැඩි කරන්න පියවර කීපයක් ගෙන තිබෙනවා.

    සැකිල්ලක් හැදුවා. ප්‍රතිපත්ති ප්‍රකාශය පොරොන්දු මාලාවක් නොවේ. පළමු කැබිනට් එකෙන් ම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. පිටරටින් ගෙන්වන භාණ්ඩ අපි නවත්වනවා. ගම්මිරිස් අපි පිටරටින් ගෙන්නේ නෑ.ගම්මිරිස් මිල වැඩි වෙලා තිබෙනවා.මිශ්‍ර කරන තේ නවත්වනවා. සෘජු විදේශ විදෙස් ආයෝජන ගෙන එක අනෙක් කාරණය. ගත් තීරණ නිසා කොටස් වෙලඳ පොළ ඉහළ ගිහිල්ලා. බඩු 10ක සහන පැකේජය දෙනවා.

    ඉක්මනටම එය ජනතාවට ලබා දෙනවා. ඉදිරි මසකට මෙහා පැත්තේ සෑම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරකුට ලක්ෂ 50ක මුදලක් ගම සංවර්ධනයට ප්‍රාදේශීය ලේකම් හරහා යවනවා. එය අධීක්ෂණයට කමිටුවක් තිබෙනවා. එය විශාල සංවර්ධන වැඩසටහනක් ලෙස රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් යැයි ද අමාත්‍යවරය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya