අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 11, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100)පමණ තරමක තද වර්ෂාපතනයක් ද වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya