අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය නිරික්ෂණයට විදෙස් නිරික්ෂකයින්

    ඔක්තෝබර් 14, 2019

    ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා විදේශිය නිරික්ෂකයින් 100කට වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ජාතික මැතිවරණ කොම්සන් සභාව පවසයි.

    මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් නිරීකෂකයින් 20ක්,යුරෝපා සංගමයෙන් 60ක්,සාක් රටවලින් 25ක් පැමිණෙන පැමිණෙන බව දැනුම් දි ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිත පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් මෙහි පැමිණ ඇත.

    යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් හෙට(15) මැතිවරණ කොමිසන් සභාවට පැමිණෙන බව දැනුම් දි ඇතැයි මැතිවරණ කොම්සන් සභාව කියයි.

    මෙම විදේශිය නිරික්ෂකයින් ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු රටේ තත්ත්වය නිරික්ෂණ කරනු ඇත. මේ හැර දේශිය මැතිවරණ නිරික්ෂණ සංවිධායක කිහිපයකට ද මැතිවරණ නිරික්ෂණ කටයුතු සඳහා කොමිසන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව කියයි..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya