අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා භාර ගැනීමේ දින විශේෂ රථවාහන සැලැස්මක්

    ඔක්තෝබර් 06, 2019

    මැතිවරණ කොමිෂන් සභාව මෙවර (2019) ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව හෙට (07) දින කොළඔ නගරයේ රථවාහන සැලැස්ම හා මහජන ආරක්ෂාව පිළිබඳව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවත් වුණි.

    මෙම අවස්ථාවට මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී ගීතාල් ලක්සිරි, විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.ලතීෆ් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් හා මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක, අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya