අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිකවැරටිය සහ මහව ප්‍රදේශයන්හිදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ

    සැප්තැම්බර් 15, 2019

    නිකවැරටිය සහ මහව ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර දෙකක්  (සැප්තැම්බර් 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනතා අයිතියට පත් කෙරුණි.‍

     ඒ අනුව, නිකවැරටිය, දිවුල්ලෑගොඩ මහ විද්‍යාලයේ දු දරුවන්ගේ සහ මහව, මානින්ගමුව ගම්මානයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර මෙලෙස නාවික හමුදාධිපති විසින් විවෘත කරන ලදී.

     නිකවැරටිය, දිවුල්ලෑගොඩ මහ විද්‍යාල පරිශ්‍රයේ පැවැති උත්සව අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ දිවුල්ලෑගොඩ මහ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් ඇතුළු පාසල් දු දරුවන් සහභාගී වී සිටියහ. එමෙන්ම මානින්ගමුව ගම්මානයේ පැවැති උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

     තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya