අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසියේ උසස්වීම් ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කරන්න කටයුතු කරනවා

    අගෝස්තු 22, 2019

    පොලීසියේ උසස්වීම් පිළිබඳව ප්‍රශ්න රැසක් තිබෙන බවත් ඒ ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කරන්න කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා  පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පොලිස්  දෙපාර්තමේන්තුවේ උසස් වීම් සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    උප පොලිස් පරීක්ෂක තනතුරේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරු 539කට සහ  කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 56කට මේ වනවිට පොලිස් පරීක්ෂක තනතුරේ උසස්වීම් ලබාදී ඇත. නව බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටිය අනුමත ලද පසු ඊට අනුකූලව උසස් වීම් ලබාදීමට කටයුතු කරනු  ලැබේ.
    උසස් වීම් පිළිබඳ ගැටළු තිබෙනවා. ඒවා නිරාකරණය කරන්න කටයුතු කරනවා. පොලිස් නිලධාරීන්ට අවශ්‍ය  මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් එය යුතුකමක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya