අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටි 100කට යටිතල පහසුකම්

    ජූලි 31, 2019

    පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටි 100 ක් සදහා යටිතල පහසුකම් ලබාදීමේ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශ පරීශ්‍රයේ දී ඊයේ(30) විදුලි සංදේශ ,විදේශ රැකියා හා ක්‍රීඩා ආමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් සිදු වීය.

    පාසල් ක්‍රීඩා පිටි 100 ක් සදහා රෝද දෙකේ ට්‍රැක්ටර්, තණකොළ කැපිමේ යන්ත්‍ර, ටොන්01 අත් රෝල් 100 ක් ලබා දීම අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    එහිදී අමාත්‍යවරයා සදහන් කළේ, මේවන විටත් ලක්ෂ 850 වැයකොට කොන්ක්‍රීට් පැති විකට්,ක්‍රිකට් ලණු පැදුරු 200ක්,සීමා මායිම් ලණු 200ක් දැනටමත් ලබා දී ඇතිබවයි.ඊට අමතරව 13 වන දකුණු ආසියනු ක්‍රීඩා උළෙල - 2019 පුහුණුවිම් කටයුතු සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනිමට ක්‍රීඩා සංගම්19 සදහා රු 16,773,000.00 ක මුදලක් පිරිනැමිය.

    දැනට ලංකාවේ පවතින ක්‍රීඩා පිටි බොහොමයක පහසුකම් සීමිතයි.මේවන විට බොහොමයක් පාසල්වල ක්‍රීඩා පිටි නොමැති අතර පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගෙන් තමා ඉල්ලා සිටින්නේ තම අසල්වැසි පාසල් සඳහා ද තම පාසලේ ක්‍රීඩා පිටිය පරිහරණය කිරීමට අවස්ථාව සලසා⁣ දෙන ලෙස යැයි අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ ය.

    මෙහිදි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා; ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින් ඉතාමත් හොදින් තරග වැදුණු බවත් දක්ෂ තරුණ ක්‍රීරිඩකයන්ට වැඩිපුර අවස්ථාවක් ලබා දෙන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එ⁣⁣ළෙඹෙන නවසීලන්ත ටෙස්ට්තරගාවලිය සහ ටී ටුවෙන්ටි තරඟාවලියේදී හොඳ තිරණ ලබාදෙනු ඇති බවත් සඳහ න් කළේ ය.

    අද සිට ක්‍රිකට් හදහන්න අරම්භ කරන්න ඕන,න තව අවුරුදු 04කින් ලෝක කුසලානය දිනන්න. ක්‍රීඩාව හොඳ තැනකට ගෙන්න කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya