අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම අවස්ථාවක කිසිම දේශපාලඥයෙක්,රජයේ සේවකයෙක් බලපෑමක් කර නෑ

    ජූනි 26, 2019

    පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා ම ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමතිවරයෙක් බලපෑම් කර නෑ යැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළපාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි ලබාදෙමින් අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව යුද්ද හමුදාව පැහැදිළිව ආරක්ෂක කටයුතුවල යෙදෙව්වා. අප්‍රේල් මස 26 දින නිෂාන් අහමඩ් අත්අඩංගුවට ගත්තා.රිෂාඩ් බද්යුදීන් ඇමැතිතුමා දුරකතන ඇමතුමක් දුන්නා. එතුමා ඇසුවා අත් අඩංගුවට ගත්තද කියලා. මම සොයා බලා දැනුවත් කරන්නම් කිව්වා. යුද්ධ හමුදා බුද්ධි අංශවලින් අසා සිටියා. තහවුරු වුණා සිටින බව. පසුව අත්අඩංගුවට ගෙන තිබෙන බව  කිවා. කිසිම වෙලාවක කිසිම බලකිරීමක් සිදු කර නෑ.කිසිම අවස්ථාවක කිසිම දේශපාලඥයෙක් රජයේ සේවකයෙක් බලපැමක් කර නෑ අත් අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා. මේ දක්වා ම ජනාධිපතිතුමා අගමැතිවරයෙක් ඇමතිවරයෙක් බලපෑම් කර නෑ ,යුද හමුදාව ස්වාධීනව කටයුතු කරනවා.

    ත්‍රස්තවාදී සටන වෙනදාට වඩා වෙනස් සටනක්. තහවුරු කරන්න බෑ ඉවරයි කියලා. අවසානය දැකීම සඳහා ක්‍රියාන්විතය සිදු කරන්නේ.හදිසි නීතිය දික් කර තිබෙනවා.පෙර දී තත්ත්වයට වඩා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර සම්බන්ධතාවය වැඩි වී තිබෙනවා.බුද්ධි අංශ සමඟ සාකච්ඡා කරනවා.ලෝකයේ පිළිගත හැකි හමුදාවක් ලෙස කටයුතු කළා.

    කීපදෙනෙක් අත් අඩංගුවට ගත් තා කියා සමස්ත බුද්ධි අංශ කඩා වැටීමක් වුණා කියලා කියන්න බෑ. මේ අවස්ථාව වනවිට විශේෂ තත්ත්වයකට ආවා, විශාල ජයග්‍රහනයකට ආවා.සතියක් වැනි කාලයක දී විශාල  ප්‍රමාණයක් අත් අඩංගුවට ගත්තා.අපි ජාලය හඳුනාගත්තා.

    තවමත් කෙනෙක් ට අවශ්‍ය නම් යම් සිදුවීමක් කරන්න පුළුවන්. කිසිම අවස්ථාවක සියයට සියයක් ඉවරයි කියලා, ත්‍රස්තවාදය කියන එක දිනයකින් දවස් කීපයකින් ඉවර කරන්න විදියක් නෑ යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya