අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතියට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් පින්කමක් හා දානමය පින්කමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    ජූනි 16, 2019

    “සබ්බේ තසන්ති දණ්ඩස්ස - සියලු සත්ත්වයෝ දඬුවම ට බිය වෙති” යන පොසොන් තේමා පාඨය මුල් කර ගනිමින් ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ 2019 ජුනි මස 16 දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා උදෑසන දානමය පින්කමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ජුනි 12 දින සිට ජුනි 18 දින දක්වා වූ සතිය පොසොන් සතිය වශයෙන් රජය ප්‍රකාශයට පත්කර ඇත. එම කාල සීමාව තුළ රජයේ සියලු ආයතනවල හා ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් එම ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබේ. එසේ ම දිවයින පුරා සුරාසැල් හා මස් කඩ වසා තැබීමට ද රජය තීරණය කර ඇත.

    සියලු ම ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් ග්‍රාමීය මට්ටමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කෙරේ. සියලු ම අන්‍යාගමිකයන්ගේ සහයෝගය ලබා ගෙන ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් රාජ්‍ය පොසොන් උත්සව සංවිධානය කිරීමට ද අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ සළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් අපට හුරු වූ ආගමික නැමියාව හා ආගමික සහනශීලීත්වයත් සමඟ ශ්‍රී ලාංකේය ජන ජීවිතය විශාල පරිවර්තනයකට ලක් විය. එදා ඇති වු එම සංස්කෘතික පරිවර්තනයේ දිගුවක් වූ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි සංකල්පය අදට ද වලංගු වේ.

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 650 තුළ ම පොසොන් පින්කම් හා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

    මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා හා මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya