අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිදු දෙයක් සිදු වීමට ඉඩ දෙන්නේ නෑ- මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    ජූනි 04, 2019

    ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිදු දෙයක් සිදු වීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති  වික්‍රමරත්න මහතා පවසයි.

    අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා  පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4)  පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ අතර එහිදී අඳහස් දක්වමින්  මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ ය.

    ඉතිහාසයේ ප්‍රථමවරට කාරක සභාවක් ජනමාධ්‍යට විවෘත කළ  බව කී මන්ත්‍රීවරයා,ජනමාධ්‍ය විසින් කාරක සභාව වාර්තා කිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි බව කීය. ජාතික ආරක්ෂාවට අගතියක් වන ආකාරයට කාරක සභාව කටයුතු කර නැතැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා,ජාතික ආරක්ෂාවට යම් අගතියක් විය හැකි කරුණක් තිබේ නම් ඒ බව මාධ්‍ය ඉදිරියේ පැවසිය නොහැකි කරුණක් නම ඒ බව
    කමිටුවට ප්‍රකාශ කරන ලෙස සාක්ෂි කරුවන්ට පැහැදිළිව ප්‍රකාශ කර සිටි බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීමක් තමන් වෙත පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කළ අතර  ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිදු සිදුවීමකට ඉඩ ලබා නොදෙන බවද පැවසීය.

    මෙහිදී අඳහස් දැක්වූ කාරක සභාවේ සාමාජික,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා;මම හිතන්නේ නෑ ජාතික  ආරක්ෂාවට අදාළ කිසිදු කරුණක් හෙළිදරව් වුණා  කියලා.ජාතික ආරක්ෂාව කියන්නේ රටේ සහ මහජනතාවගේ  ආරක්ෂාවයි.අප සිතන්නේ ජාතික ආරක්ෂාව ගැනයි.

    මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා: ජනමාධ්‍යයට විවෘත කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා,යම් යම් මත දේශපාලඥයින්,  නොයෙක් තරාතිරමේ අය විසින් විවිධ මත ප්‍රකාශ කර  තිබුණා.මෙම සිදුවීම පිළිබඳව ජනතාවට දැනගැනීමට  අයිතියක් තිබෙනවා.ඒ තොරතුරු ජනතාවට දැනගැනීම  වළක්වන්න ඉඩ දෙන්න බෑ.අප සීමාවේ ඉදගෙන ප්‍රශ්න  කරනවා.මිලේනියම් සිටි පාවා දීම දේශපාලන අවශ්‍යතාවය මත කියපු එකක්.අපට අවශ්‍ය ආවරණය ශක්තිය මාධ්‍ය විසින්  ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

    ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා කරන රජයක් ලෙස මෙය අලුත් අත්දැකීමක්.මෙම අලුත් අත් දැකීම වගකීමකින් ඉටු කිරීමයි  අපගේ වගකීම යැයි අඳහස් දැක්වූ මන්ත්‍රී මහාචාර්ය ආශූ  මාරසිංහ මහතා පැවසීය.

    ඉන් අනතුරුව කාරක සභාව වෙත සාක්ෂි විමසීම සඳහා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කැඳවීය. පැය කීපයක සාක්ෂි  විමසීමෙන් අනතුරුව ඒ මහතා පිටව ගිය අතර කාරක සභාවේ කටයුතු අද දිනට අවසන් බව මන්ත්‍රී ආචාර්ය ජයම්පති  වික්‍රමරත්න මහතා දන්වා සිටියේ ය.

    ඒ අනුව නැවත කාරක සභාව හයවන දින පෙ.ව 11.00 ට  රැස්වීමට නියමිත අතර එදිනට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  කැඳවීමට නියමිත බවද මන්ත්‍රීවරයා දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya