අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් පක්ෂ නියෝජනය කරන අමත්‍යවරු ධූරවලින් ඉවත් වෙයි-අමාත්‍ය රාවුෆ් හකීම් මාධ්‍යයට කියයි

    ජූනි 03, 2019

    රජයේ නිලතල දරන අමාත්‍යධූරවලින් ඉවත් වීමට තීරණය කළ බවත් මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමැතිවරු,රාජ්‍ය අමාත්‍යවරු, සහ නියෝජ්‍ය අමාත්‍යවරු තනතුරුවලින් ඉවත්වන බවත් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (3) කොළඹ,අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    මේ තත්ත්වය හමුවේ ආණ්ඩුව බලහීන කිරීමට කටයුතු නොකරන බව කී අමාත්‍යවරයා,පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ආණ්ඩුවට සහාය ලබාදෙන බවත් පරීක්ෂණ කටයුතු සඳහා සහය වීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

    පරීක්ෂණ කටයුතු සඳහා ආරක්ෂක අංශවල පොලීසිය, බුද්ධි අංශවලට ක්‍රියාත්මක කරන්න ඉඩ සළසා දෙන බවත් මසක් තුළ එම පරීක්ෂණ කටයුතු අවසන් කරන ලෙසත් මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya