අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ජල සම්පාදන ක්‍රමයේ සිව්වැනි අදියර ඇරඹේ - දෙලක්ෂ අසූපන්දහසකට අධික ජනතාවකට සෙත සැලසෙයි

    මැයි 03, 2019

    දෙලක්ෂ අසූපන්දහසකට අධික ජනතාවකට සෙත සැලසෙන මාතර ජල සම්පාදන ක්‍රමයේ සිව්වැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි 2030 වන විට සැමට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ ගෝලීය සංකල්පයට අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ඇත.

    රුපියල් මිලියන 18,208ක් වැය කර අවුරුදු තුනක කාලයකින් අවසන් කිරීමට නියම්ත මෙම ව්‍යාපෘතියෙන් මාතර,තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලි අත්ත සහ තංගල්ල යනා දී ප්‍රාදේශීයව ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් 372ක් මෙම ව්‍යාපෘතියෙන් ආවරණය කෙරේ. 

    මෙම ව්‍යාපෘතියට භූගත ජල පවිත්‍රාගාර 6ක් ඇතුළත්ය. මාලිමබඩ , යටියන , ගල්කෙටිය, දන්දෙණිය, කොටියකන්ද, මිරිස්වත්ත යනාදි ප්‍රදේශවල මෙම පවිත්‍රාගාර ඉදිකිරීමට නියමිතය.

    මීට අමතරව වැලිගම, කරගොඩ, උයන්ගොඩ සහ බෙලිඅත්ත යනාදී ප්‍රදේශවල ජල කුළුණු 4ක් ඉදිකිරීමට ද නියමිතය. තවද නිල්වලා ගග හරහා ලවන බාධකයක් ඉදිකිරීමෙන් නියඟ කාලයේ දී පානීය ජලයට ලුණු දිය මිශ්‍ර වීම වලක්වාලීමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya