අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 02, 2019

    දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පවුලේ ඥාතීන් මීට එක්ව සිටියහ.

    ජනාධිපතිතුමා ප්‍රේමදාස පිළිරුව අභියස මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ හේමා ප්‍රේමදාස මැතිණිය, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර ජනාධිපතිතුමා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya