අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා- අග්‍රාමාත්‍ය

    අප්‍රේල් 21, 2019

    පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

    ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා 2019.04.21 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.

    ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

    විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්‍ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්‍ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා. මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.

    දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්‍ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික  අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්‍ෂා කරමු.

    මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

    ප්‍රශ්නය   : මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා සංවිධානයක් වගකිව යුතු යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

    පිළිතුර    : ඒ පිළිබඳව සියලූ තොරතුරු පොලිසියෙන් විභාග කොට, අනතුරුව දැනුම් දෙන්නම්.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya