අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි- පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය

    අප්‍රේල් 21, 2019

    අද පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි සැළකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය යොමු කර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    මේ මොහොතේ මෙම තත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘභූමියටත් සහෝදරත්වයෙන් බැඳුනු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිළිය. උද්ගත වී ඇති මෙම තත්වය තුළ ඉතා අවබෝධයෙන් , වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත.

    එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි.

     අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව සපත කරමු.

     

    කරු ජයසූරිය.

    කථානායක-

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya