අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම කඩිනමින්- වෙළෙදපොල මිළ ගණන් විශ්ලේෂණය අවසන් අදියරට

    අප්‍රේල් 15, 2019

    ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අනුව එම ඖෂධ වර්ගවල වෙළෙදපොල මිල ගණන් විශ්ලේෂණය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් එම මිල ගණන් විශ්ලේෂණය කරන ලදි. මෙම ඖෂධ වර්ග 27 තුල පිළිකා නාශක ඖෂධ වර්ග ද ඇත. රෝගී ජනතාවගේ යහපත උදෙසා මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල නියාමනය කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පළමු අදියරේ දී ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කළ අතර, ඉන් පසු තවත් ඖෂධ වර්ග 25 ක මිල නියාමනය කරන ලදි. එහිදී පිළිකා ඖෂධ වර්ග වල මිල නියාමනය කිරීම අගය කළ යුතු කරුණකි. පිළිකා රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ වර්ග වලින් සියයට 95 ක් මිල දී ගන්නේ රජය විසිනි.

    පිළිකා ඖෂධ ටෙන්ඩර් සදහා ඉදිරිපත් කළ හැකි උපරිම මිල රුපියල් 95,000 ක් ලෙස සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇත. ඖෂධ මිල අඩු කිරීම හේතුවෙන් 2017 වසරේ දී රෝගීන්ට ලැබුනු ලාභය රුපියල් මිලියන 600 කි. ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට තමන් සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    රුපියල් මිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය, වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya