අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට පාසැල්වල හා රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

    අප්‍රේල් 05, 2019

    විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීමසම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.

    මෙම ශ්‍රමිකයින් එරටදී සේවය කරන අතරතුර ඔවුන්ගේ දරුවන්ද එම රටවලදී අධ්‍යාපනය ලබන අතර, රැකියාව අවසන්වී මෙරටට පැමිණි පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවේ.

    එහෙයින් මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටියි. ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya