අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන්වීමට ලැබීම සතුටට කරුණක්- ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය

    මාර්තු 24, 2019

    හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන්වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් ශ්‍රී ලාංකාවේ සංවර්ධනය මෙන් ම ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතියට දායකවීමට ලැබීම පිළිබඳව ද සතුටු වන බව ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය Dr Mohammed bin Hamad Al Rumhy මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය

    මේ ව්‍යාපෘතියේ මේ අවස්ථාවේ කොටස් කරුවන් කරගැනීම ගැන මම සතුටට පත්වෙනවා. වසර ගනනාවක් සිට ශ්‍රී ලංකාව සමඟ ඓතිහාසික සබඳතාවයක් තිබෙනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ  කොටස්කරුවෙකු බවට ඕමානය පත් කිරීම ගැන සතුටට පත්වෙනවා. මෙවැනි ජනතාවක් මේ ව්‍යාපෘතිය ආරම්භ  වන අවස්ථාවේ දැකහැනීම මා බලාපොරොත්තු වුනේ නෑ. මෙවැනි ජනතාවක් දැකීම කරුණක්. මේ රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වීම ගැන  සතුටට පත් වෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya