අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුව සුව වෙනුවෙන් - නිති සැම වෙහෙසෙමු” තේමා කොට ගනිමින් මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරයි

    මාර්තු 18, 2019

    ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු මස 20 දිනට යෙදී ඇත. ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සමිමෙිලනය විසින් 2017 මාර්තු මස 20 දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    දන්ත ව්‍යසනය හා මුඛය ආශ්‍රිත ගැටළු ශ්‍රී ලංකාවේ දරුවන් අතර ප්‍රමුඛත ම සෞඛ්‍ය ගැටලුවයි. දත් දිරායාම දරුවන් අතර බහුල ම රෝගයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු ම විදුරුමස් රෝගයෙන් පීඩා විදියි. ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලව ම මුඛ පිළීකා රෝගය ව්‍යාප්තව ඇති බවට සොයා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් දන්ත රෝග වර්ග තුනක් යටතේ හඳුනාගෙන ඇත. එහිදී මුඛ පිළිකාව, දත් දිරායාම හා විදුරුමස් රෝග වශයෙනි. ජාතන්තර දන්ත වෛද්‍ය සම්මෙිලනය දන්වා ඇති පරිදි මෙම වසරේ සැමරුම් වලදී අවධානය යොමු කළ යතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි.

    එම ක්ෂේත්‍ර දෙක ලෙස පෙර පාසල් හා පාසල් දරුවන්ගේ මුඛ සනීපාරක්ෂාව වර්ධනය කිරීම, දුම්කොල ආශ්‍රීත නිෂ්පාදන භාවිතය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ විශේෂ අවධානම් කණ්ඩායම් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්කොළ භාවිතය වැළැක්වීම පෙන්වා දී ඇත.

    මෙහි යෝජිත ඉළක්කගත කණ්ඩායම් ලෙස පොරපාසල් හා පාසල් දරුවන්, පාසල් හැරයන්නන්, තරුණ තරුණියන් සහ දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සදහා වැඩි අවධානමක් ඇති විශේෂ කණ්ඩායම්, තේ සහ රබර් වතු සේවකයින්, මැණික් පතල් සේවකයින්, බස් සහ ත්‍රීරෝද රථ රියදුරන් ලෙස පෙන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya