අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදාපති ප්‍රධානත්වයෙන් “ඩෙංගු මර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ” ආදර්ශමත් වැඩසටහනක් ආරම්භ කරයි

    පෙබරවාරි 26, 2019

    පරිසරය පිරිසිදුව තබාගනිමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් ‍සේනානායක මහතා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණ හා ඩෙංගු මර්ධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසත් කඳුරුව ගම්මානය සහ පානදුර මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.

    යුද්ධ හමුදාපතිවරයාගේ සංකල්පයක් හා මඟ පෙන්වීම මත කඳුරුදුව සුබසාධක සමිතිය සහ මරණාධාර සමිතිය සමඟ ඒකාබද්ධව මෙම ප්‍රජා ව්‍යාපෘතිය දියත් කළ අතර වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරව ලදී.

    මෙම ව්‍යාපෘතිය ආරම්භයේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ “අන් අයට අනුගමනය කළ හැකි ආදර්ශවත් යමක් සිදු කිරීමේ අදිටනින් යුතුව යුද්ධ හමුදාව මෙම ව්‍යාපෘතිය දියත් කළ බවයි. “

    ඩෙංගු මර්ධන හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබාදුන් මාර්ගෝපදේශයකට අනුව මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා, ප්‍රජා නායකයින්, පදිංචිකරුවන්, පාසල් සිසුන් හා සිවිල් වැසියන්, විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එක්ව කුණු කසළ එකතු කිරීම හා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන ලදී.

    කඳුරුව, ධර්මාශ්‍රම විහාරස්ථානය සහ ගොරතාන කඳුරුව ශ්‍රී දීපාරාම විහාරස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාපතිවරයා, ඩෙංගු උවදුර හා මත්ද්‍රව්‍ය ආදියෙහි ඇති බලපෑම් පිළිබඳව දහම් පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වූ වැඩසටහන සඳහා ද දායකත්වය සපයන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya