අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

    පෙබරවාරි 26, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට (26 සහ 27) විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, කළුතර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    දකුණු පළාතේත් රත්නපුර,කළුතර,මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya