අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹු මර්දනයට මහවැලි අධිකාරියෙන් වැඩපිළිවෙළක්- දළඹු මර්දන විශේෂ සතියක්

    පෙබරවාරි 13, 2019

    සේනා දළඹු මර්දන වැඩපිළිවෙළ යටතේ මහවැලි අධිකාරිය මඟින් ද ප්‍රධාන ක්‍රියා මාර්ග රැසක් ගෙන තිබේ. මෙහිදී මහවැලි අධිකාරියේ නිලධාරීන් කොටස් දෙකකට බෙදී ක්ෂේත්‍රය දැනුවත් කිරීම හා මර්දනය කිරීම් ක්‍රියාවල නිරත වීම සිදු කරන බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි.

    කෘෂිකර්ම ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කරමින් හා සේනා දළඹු මර්දන විශේෂ සතියක් ක්‍රියාත්මක කරමින් මෙම හානිය රට තුළට පැමිණීම පිළිබඳ ව සියලු මහවැලි කලාප නිලධාරීන් හා ගොවීන් දැනුවත් කිරීම සිදු කරන බව දිසානායක මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

    සේනා දළඹුවා මර්දනය කිරිමේ කාර්ය සාධන බලකාය නියෝජනය කරමින් නියෝජිතයෙකු මහවැලි අධිකාරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ සහාය ඇති ව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ සඳහා සියලු මහවැලි කලාප, කොට්ඨාශ මට්ටමින් හා ඒකක මට්ටමින් දැනුවත් කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා ගොවි සංවිධානවලද සහාය ලබා ගන්නා බව මහවැලි අධිකාරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා කීය.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් මෙම හානිය වසංගත තත්ත්වයක් ලෙස සලකා හානිය පවතින කලාප සඳහා 50%ක පදනම මත පළිබෝධනාශක විධිමත් පරිදි මිලදී ගැනීම උදෙසා මිලියන 15ක් රජය වෙන් කර තිබෙන බව ඊයේ (12) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් නෙවිල් රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya