අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අංශයේ අපනයන්ගෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පත් වේ

    ජනවාරි 18, 2019

    ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාව පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අංශයේ අපනයන්ගෙන් හොද නිෂ්පාදනයන් ලබා දෙන බව ඇමරිකාවේ සී ෆුඩ් වොච් වැඩසටහන මගින් නිර්දේශ කර තිබේ.

    නීල ආර්ථික වැඩපිළිවෙළ මගින් සාගර සම්පත ආර්ථික උල්පතක් ලෙස පත් කරමින් දේශීය ආදායම් උත්පාදනය වැඩි කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය. මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමි වීම පිළිබදව ආර්ථික වැඩපිළිවෙළ යටතේ සතුටට පත්වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ   (17) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

    මීට අමතරව ශ්‍රී ලාංකේය සාගර සම්පත තිරසර ලෙස පරිහරණය කරමින් ධීවර කර්මාන්තය තිරසර ලෙස නගා සිටුවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රතිඥාව තුළින් ශ්‍රී ලංකාව මේවන විට ලෝක පෙළ ගැස්මේ ඉතා සාධනීය මට්ටමට එක් වී සිටින බවද වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය ජනවාරි 14වන සදුදා දින මොන්ටෙරේ බේ ඇක්වේරීම් සී ෆුඩ් වොච් වැඩසටහන මගින් මෙම සහතිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මෙය උතුරු ඇමරිකාවේ සුප්‍රසිද්ධ මුහුදු ආහාර ශ්‍රේණිගත කරන්නාවූ ආයතනයයි. ඔවුන්ගේ නවතම පර්යේෂණ, සමීක්ෂණ අනුසාරයෙන් ඇම්බජැක්,කාර්ප්,ස්මෙල්ට් ස්‍රඋට් යන මත්ස්‍ය වර්ගයන් සදහාවන ලෝක නිර්දේශිතයන්ද, කකුළුවන් සහ පොකිරිස්සන් සදහාවන තත්කාලීන නිර්දේශයන්ද ලෝක මුහුදු ආහාර වෙළෙද සම්මේලනයේදී ප්‍රකාශ කර තිබෙන බව ශ්‍රී ලංකා ධීවර කර්මාන්ත වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ස්ටීව් ක්රිච් මෙහිදී පැවසීය.

    විදේශ වෙළෙදපොළ තුළින් ලංකාවේ මුහුදු ආහාර අපනයනය ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනීය තත්ත්වයට පත්කරගත හැකි වේ. 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 190ක ආදායමක් මත්ස්‍ය අපනයනයෙන් උපයා ගෙන ඇත. මෙලෙස ආර්ථික දියුණුවට මෙම ක්ෂේත්‍රයෙන් වන දායකත්වය ඉහළ යයි. එය අප රටේ සමස්ත ආර්ථික වර්ධනයට හේතුවකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya