අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරිගණක ජාලගත කෙරේ

    ජනවාරි 15, 2019

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරිගණක ජාලගත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරි පරිශ්‍රයේ දී පසුගියදා සිදු කෙරිනි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වන්නන්ගේ විස්තර ගොනු සැකසීම, අන්තරාකාරී ඖෂධ පාලනය, පුද්ගල සදහා ඖෂධ ආනයනය, ඖෂධ ශාලා ලියාපදිංචිය යන ක්ෂේත්‍ර පළමු අදියර යටතේ පරිගණක ජාල ගත කිරිමට නියමිතය. මේ තුලින් ලිපිගොනු, දත්ත සහ ක්‍රියාදාම හැසිරවීම, පරිගණක ජාලගත කිරිම හරහා කාර්යක්ෂමව සිදු කිරිම ප්‍රධාන අරමුණ වෙයි. එමගින් නිවැරදි තීරණ කඩිනමින් ගැනීමේ හැකියාව ලැබෙයි.

     

    සම්ප්‍රදායික ක්‍රම සහ ක්‍රියාදාම වලදී සිදුවන ප්‍රමාධ, අතපසුවීම් සහ තොරතුරු පිළිබද රහස්‍යභාවය වැනි ගැටලු මෙමගින් විසදී යනු ඇත. විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමයක් සහ ක්ෂණික දැන්වීම් යැවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත වන හෙයින් භෞතිකව ගෙවීම් කිරීමේ සහ ඒ සදහා බැංකු වෙත ගමන් කිරිම මෙහිදී අවශ්‍ය නොවනු ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලෝකයේ අනෙකුත් දියුණු නියාමන අධිකාරියන්ට සමගාමීවන ඉදිරි පරපුරේ නියාමන අධිකාරියක් බවට පරිවර්ථනය කිරීම මෙහි අරමුණ වෙයි.


    මෙම උත්සවය අමතා අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ජාතික ඖෂධ නියාමන අධිකාරියට පසුගිය කාලයේ දී විවිධ දෝෂාරෝපණ එල්ල වුනා. නරක නමක් තිබුනේ. නමුත් අද වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. ස්වාධීන අධිකාරියක් ලෙස කටයුතු කරනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රාර්ථනාවත් එයයි. මම මෙම අධිකාරියේ සභාපති ධූරයට ඖෂධවේදය පිළිබද හසල දැනුමත් ඇති මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කර තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කර ඇත්තේ ඖෂධ පිළිබද දැනුමක් ඇති වෛද්‍ය කමල් ජයසිංහ මහතායි. 2015 වසරේ දී මෙම අධිකාරිය ස්ථාපිත කිරීමෙන් පසු මහාචාර්යවරයෙකු සභාපතිධූරයට පත් කළත් ඔහු න්‍යාය ධර්ම දේශණා කරමින් කාලය ගත කළා.

    න්‍යාය ධර්ම දේශණා කළාට ඒවා ක්‍රියාත්මක කරමින් ප්‍රතිඵල ලබාගත යුතුයි. දිවයින පුරා රෝහල්වල පැවැති ඖෂධ හිඟය මට අවමන් කිරීමට හැකි වූයේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීම මගින්. ඔක්තෝබර් 26 දිනට ප්‍රථම සියලුම ඖෂධ රෝහල්වල තිබුනත්, පසුව ඖෂධ ආනයනය නොකිරීම නිසා හිඟයක් ඇති වුනා. මේ වන විට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් අවස්ථා 03 ක දී ලංකාවට ගෙනවිත් බෙදාහැර තිබෙනවා. කාලකණ්නි දේශපාලන තීන්දු හේතුවෙන් පසුගිය මාස 02 තුල සිදු වූ විනාශය යාවත් කාලීන කිරීමට තවත් වසර 02 ක් පමණ ගත වෙනවා. මම දේශපාලන ජීවිතයේ දී අවස්ථා දෙකක දී බෝම්බ ප්‍රහාර වලට ගොදුරු වුනා. නමුත් මම වාසනාවන්ත වුනා ජීවත් වන්න. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සිදු කළ සේවාව තුලින් ජනතාව පිං ලබාදීම නිසයි. ඕනෑම කෙනෙකුට මම අභියෝග කරන්නේ මාව මරන්න බැහැ. මම සමග තරඟ කරන කොට එය මතක තබාගෙන කටයුතු කළ යුතුයි.”


    මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කළ පුද්ගලයෙකුට පරිගණක ජාල ඔස්සේ බලපත්‍රය නිකුත් කිරිම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.


    මෙම අවස්ථාවට ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, අයි.සී.ටි.ඒ ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya