අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනයට ප්‍රජා මූලික වැඩසටහනක්

    නොවැම්බර් 19, 2018

    මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කරීම සදහා මානසික අභිප්‍රේරණයක් ඇති කරලීමේ ප්‍රජා මූලික වැඩසටහනක් පසුගිය දා  වේයන්ගොඩ පොලිස් වසමේ මොට්ටුන්න කිරීඨාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.

    තෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන බස්නාහිර පළාත උතුර දිසා ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ අතර, වේයන්ගොඩ පොලිස් වසමේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් 50 දෙනෙකු පමණ මේ සදහා සහභාගි විය.

    බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය සදහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, ජාතික උපදේශන මධ්‍යස්ථානයේ මනෝ උපදේශිකා නිමාලි පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya