අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට

    නොවැම්බර් 16, 2018

    ‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව නොවැම්බර් මස 15 දින පෙ.ව 08.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 325 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 11.3 සහ නැගෙනහිර දේශාංශ 82.6 ආසන්නයේ ස්ථානගතව පවතී.

    ඉන් අනතුරුව මෙම පද්ධතිය ලංකාවේ උතුරු වෙරළතීරය ට කි.මී.120 ක් ඈතින් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ හරහා යනු ඇත. මෙම පද්ධතිය අද(16) දිනයෙන් පසුව දිවයිනෙන් ඉවතට ගමන් කරයි. මේ නිසා දිවයිනේ උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං සහ වැසි තත්ත්වය සවස් කාලයෙන් පසුව ක්‍රමයෙන් අඩුවේ යැයි බලාපොරොත්තුවේ.

    මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැක. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. යාපනය අර්ධද්වීපයේ මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රීක්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය අර්ධද්වීපය හරහා හමන තද සුළං (පැ.කි.මී. 70-80) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 100 දක්වා වැඩි විය හැක.

    පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක හරහා හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50-60) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya