අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල් පරීක්ෂාවට සෞඛ්‍ය අංශ සීරුවෙන්

    ජූනි 19, 2016

    පොසොන් සමයේ ක්‍රියාත්මක කෙරෙන දන්සැල් පරික්ෂා කිරීමට ක්ෂේත්‍ර කාර්යය මණ්ඩල සහ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේ ය.

    අපේ සංස්කෘතික පදනම තුළ දන්සැල් දීම සිදු කෙරෙනව.දන්සැල් ආහාර නිසා බෝ නොවන රෝඅ හා බෝ වන රෝග වාර්තා වී තිබෙනවා. ඒ නිසා ආහාර හා බීමවල ගුණත්මකභාවය තහවුරු කරන්නට සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya