අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරයි

    ජූනි 18, 2016

    පොසොන් උත්සවය නිමිතිකරගෙන පැවැත්වීමට නියමිත දන්සැල් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සෞඛ්‍ය සේවා දැනුවත් කර තිබේ.


    දිවයින පුරා සංවිධානය කරන ඇතැම් දන්සැල් අහාර ගැනීමෙන් සැදැවතුන් අහාර විෂවීමට ගොදුරුවන බවට වාර්තා පළ වී තිබේ.

    එකී අවස්ථාවන් වළක්වාලනු පිණිස දන්සැල් පැවැත්වීමට පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්ය අමාත්‍යාංශය දන්සැල් සංවිධායකය්න්ගෙන් ඉල්ලා සිටියි.

    01- දන්සැල් පවත්වාගෙන යෑමට යෝජිත ස්ථාන ලියාපදිංචි කිරීම,
    02- අහර පිළියෙල කිරීමේ දී, ගබඩ කිරීමේ දී හා පිළිගැන්වීමේ දී පිළිපදිය යුතු සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳව දන්සැල් සංවිධායකයින් පූර්ව දැනුවත් කිරීම,
    03-බීමට සුදුසු ජලය ලබදීමට උපදෙස් දීම,එම පහසුකම් පවතින බවට තහවුරු කිරීම,
    04-බැහැරලන අපද්‍රව්‍ය සෞඛ්‍යාණුකූලව බැහැරලීමට උපදෙස් ලබාදීම හා පසුවිපරම
    05- ආහාර පිළියෙල කිරීමේ දී,ගබඩා කිරීමේ දී හා පිළිගැන්වීමේ දී අදාළ ස්ථානීය පරීක්ෂණයක් කර තවදුරටත් උපදෙස් ලබාදීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya